දේශපාලඥයෙක් රටකට කරනු ලබන සේවයට වඩා උතුම් වුද
ආනන්ද ජනක වුද සේවයක් සංගීතඥයා මුළු මිනිස් පරපුර විෂයෙහි ඉටු කරයි.සංගීතයෙහි පරිණත
බව ලබන සංගීතඥයා ලෝකයා වෙනුවෙන් කරනු ලබන සංගෟතය කවුරුත් පොදුවේ රස විඳිති.
මේ උතුම් වූ සංගීතයෙන් මිනිස් හදවත් නලිවන
ලෝක පූජිත සංගීතඥයෙකු වූ රවිශංකර් දැන්
යළිත් අප රටට පැමිණ සිටී.
සිතාරයේ තත් පිරිමැද ඔහු අපේ හදවත් හා කතා
කරයි.අවුරුදු ගණනක් කතා බහෙන් ලද ඇසුරට වඩා සමීප ඇසුරක් අණඩිත් රවිශංකර් සමඟ සංගීත
ලෝලයන් ගේ ඇත.ඒ ඔහු තම නිර්මාණ මඟින් වසර ගණනක් තිස්සේ අපේ සවන් සමඟ කතා කිරීම
නිසාය.
1920 අප්‍රේල් 07 දා බෙනාරිස් හි උපත ලද
රවිශංකර් ඉන්දියාවේ ශ්‍රේෂ්ටතම සංගීතඥයඥකු වූ ඔස්තාද් අල්ව්දින් ඛාන්ගෙන් මූලික සංගීතය
හැදෑරුවේය.දැඩි අධිෂ්ටානයක ආත්ම විශ්වාසය ඊට කැපවීම නොතිබෙන්නට ඔහුගේ සංගීත
ගුරුවරයාගෙන් සංගීතය ඉගෙනීම ලේසි පහසු වැඩක් නොවිණ.
ඔහු දවසකට පැය 12 කට වැඩි කාලයක් සිතාරය
වෙනුවෙන් ගත කළේය එම ශ්‍රමය අද ලෝකයේ විශිෂ්ටතම සංගීතඥයෙකු බවට ඔහු ඔසවා තිබේ.
භාරතයේ අති විශේෂ සංගීතඥයෙකු ලෙස තැපී
පෙණුනු රවිශංකර් තවත් ජාත්‍යන්තර කීර්තියට පත් වයලින් වාදකයකු වූ යහුඩි මෙන්හුන්
,ඈන් සර්චට්,කැසල්ස් ඔසිස්ට්රාත් වැනි සංගීතඥන් සමඟ ඒ ජාතීන්ගේ සංවත්සර දිනය
වෙනුවෙන් සමූහ වාදන ඉදිරිපත් කළේය.
ඔහු 1958 පැරීසියේ පැවැත්වු යුනෙස්කෝ ජාත්යන්තරසංගීත
සම්මේලනයේදී සිතාරය වාදනය කළේය.ද ප්ලූට්
ඇන් ුඇරෝ, දචෙයාස් ටේල් වැනි බටහිර චිත්‍රපටවල පසුබිම් සංගීතය සැපයීමේ ගෞරවයද
රවිශංකර්ට හිමිවිය.භාරතය ඔහු හඳුන්වන්නේ අලුත් මිනිසෙකු ලෙසය.භාරතයේ ඇති පැරණි
සම්ප්‍රදායානුකූල සංගීතයෙහි පදනම හා ශිල්ප ක්‍රම ආරක්ෂා කරගෙන සංගීත ක්ෂේස්ත්රෙයහි
නව නිර්මාණ ගෙනෙන සංගීත විශාරදයා ඔහුය. නේරු සෙයා ගත් නව ඉන්දියාව නැමැති මුද්‍රා
නාට්‍යයට රවිශංකර් සැපයූ සංගීතයෙන් එය ඉන්දියාව තුරා බෙහෙවින් ජනප්‍රිය විය.
ජනාධිගති සම්මාන දිනූ පාතර් පාංචලී, අපූර්
සංසාර් ,කබුලිවාලා ,අනුරාධා වැනි චිත්‍රපට වලට සංගීතය සැපයූවේ රවිශංකර්ය.කැනඩාවේ 1967
දි පැවැත්වූ එක්ස්පෝ 1967 ප්‍රදර්ශනය ඇක්ස්පෝ සම්මේලනය වැනි ප්‍රදර්ශන වල ඔහු තම
සිතාරය ජීවමාන කළේය.
1949සිට අවුරුදු 7ක් ඔහු ඉන්දියානු ගුවන්
විදුලි සේවයේ නිත්‍ය සංගීත අධ්‍යක්ෂකවරයා
ලෙස කටයුතු කළේය. ඉන්දියානු සංගීතය සමස්තලෝක ජනතාව අතර ජනප්‍රිය කරවීමේ කාර්ය්යෙයහි
ප්‍රධාන තැන ගෙන කටයුතු කළේ රවිශංකර්ය. එම නිසා අද මුළු ලොව පුරා පෙරදිග සංගීතයත්
පෙරදිග සංගීත භාණ්ඩත් බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබේ.
නිව්යෝත් නගර පාසැලේ කථිකාචාර්ය වරයෙකු ලෙස
කටයුතු කළ රවිශංකර් වෙත 1968 දී කැලපෝනියා විශ්ව විද්‍යාලය මඟින් ලලිත කලා පිළිබඳ ආචාර්ය්ය උපාධිය
පිරිනැමුනේය.ඉන්දියානු ජනාදිපති රයා විසින් හින්දුස්ථානී වාදක භාණඩ සංගීත අංශය
වෙනුවෙන් පිරිනැමූ සම්මානයද සංගීත් නාටක් විද්‍යා පීටයේ සංගීතත්වයද ඉන්දියානු රජය
පිරිනැමු පද්ම භූෂණ ජනාධිපති සම්මානයද රවිශංකර් දිනාගෙන තිබේ.
භාරත සංගීතයේ කර්ණාටික් රාග කිහිපයක්
හඳුන්වාදුන් කර්වානි ,ජනසමෝදිනී,චාරුකේසි වාචස්පති වැනි රාග නිර්මාණය කළේය.පංචමී සිගාරා
රාගය ,තිලක්ශ්යාම්,බයිරාහි,නාද භෛරවී
,මෝහන වැනි රාග නිර්මාණය කළ රවිශංකර් මෑතදී කිර්මාණය කළ අලුත්ම රාග අතර ගනේෂ්වරී
පරමේෂ්වරී වැනි රාගද වෙති.
බටහිර ජදස් සංගීතය හා පොප් මියුසික් නමින්
හඳුන්වන සංගීතයට ප්‍රිය කරන අය බටහිර ශාස්ත්‍රීය සංගීතය අගය නොකළත් රවිශංකර්ගේ
සංගිතය අසා පිස්සු වැටි සිටිති.ලෝක ප්‍රකට
බීට්ල්ස් සංගීත කණ්ඩායම රවිශංකර් යටතේ සිතාරය හැදෑරීමට ඉන්දියාවට පැමිණීමත් සමඟම
රවි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වූවා පමණක් නොව නොයෙක් රටවලින් ආරාධනා ලැබ එම රටවල
ගුවන්විදුලිය හා රූපවාහිනී මඟින් වාසන ඉදිරිපත් කිරීමට ඔහුට සිදුවිය.
හිපින් වැනි හරයක් නැති මිනිස් කණ්ඩායම් මෙන්ම
පැද්දෙන පෙරළෙන නැටුම් වලට හුරු සංගීතය ප්‍රිය ක්්රන නූතන තරුණ පෙළ පවා
රවිශංකර්ගේ සංගීතයට අවනත වෙති.ඔහු මෙලොවින් සමුගත්තේ 2012දෙසැම්බර්11වනදිනයි.
28 comments:
දුවේ,
ඔයා මෙහෙම ලියන එක ලොකු දෙයක්. අඩුපාඩු හදාගෙන දිගටම ලියන්න. ඔයාගෙ මේ රවි ශංකර් ගැන ලිපියෙ පොඩ්ඩක් පැටලිල "මේ උතුම් වූ සංගීතයෙන් මිනිස් හදවත් නලිවන ලෝක පූජිත සංගීතඥයෙකු වූ රවිශංකර් දැන් යළිත් අප රටට පැමිණ සිටී." කියන එක.
මීට වඩා හොඳට ලියන්න පුළුවන්, දියුණුවට ජය..!
(අනික මේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න. )
ඉමල්කි නංගි..... ඔයා දිගටම ලියන්න නංගෝ...... අපි එන්නම් බලන්න..... :)
ගොඩාක් ස්තූතියි.
ගොඩාක් ස්තූතියි
තාමත් වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරගෙන නෑ ඔයා
Settings - Posts and Comments - Show word Verification = NO කරන්න..
නැත්නම් කමෙන්ට් කරන්ඩ ගියාම එපා වෙනවා
වෙලාවත් හදන්න..
Blogger dash board --> Settings --> Language and Formatting -- > Time Zone --> එතන වෙලාව හදන්න (GMT+5.30) Colombo කියලා.
හ්ම්.. ඔන්න මමත් ආවා. තාගොර්, රවි ශංකර් වගේ අය ගැන ලියන තියෙන්නෙ. සුබ පැතුම්. දිගටම ලියන්න.
මැණික්
ගොඩාක් ස්තූතියි.හැමදාම ඇවිත් යන්නකෝ
ගොඩක් වටිනා ලිපියක් සිංහලෙන් කියවන්න ලැබුන එකට ගොඩක් සතුටුයි..
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ඔන්න මාත් පස්සෙන් වැටුනා... ලියමු මේ වගේ වැදගත් ලිපි පෙළක්ම දුවේ.. ඔයාට ජීවිත කාලෙම ලියන්ඩ තරම් චරිත තියෙනවා ඔන්න..
ගොඩාක් වටිනා ලිපියක්......
පෝස්ට් එක පබ්ලිෂ් කරන්න කලින්,දුවත්...තවත් කෙනෙකුත් වශයෙන් දෙවතාවක් කියවලා වැරදි නිවැරදි කර පබ්ලිෂ් කරන්න.
ඉතාම හොඳ උත්සාහයක් දුවේ...මගේ සුබ පැතුම්. හැමදාම එන්නම්. ජය වේවා
මුල් ලිපිය නම් ගොඩාක් වෙලාව අරන් දෙතුන් පාරක් කියවලා වැරදි තැන් හදලයි පල කරල තිබුණෙ. මේ ලිපිය නම් මොකක් හරි හදිස්සියක් හින්ද කලබලෙන් ම පල කරල. එහෙම කලබලෙන් යමක් කරාම සිද්ධවෙන දේ ඔයාටම බලාගන්න පුළුවන් දෙවෙනි ලිපිය ආයෙත් දෙතුන් පාරක් විවේකීව කියෙව්වොත්. එහෙම කියවන ගමන් කරුණු වැරදුණු තැන් කීයක් තියෙනවද කියල වෙනම ලකුණු කරගන්න. අකුරු වැරදිලා තියෙන තැන් ගාණත් වෙනම ලකුණු කරගන්න. දැන් ඔයාටම පෙනෙයි කලබලයෙන් වැඩ කරාම වෙන දේ.
ඒක වළක්වගන්න හැටි මාම කෙනෙක් උඩ කියල තියෙනව. :)
godak hoda lipiyak...
Tiken tika adupadu hadagena liyagena yamuko...
Mamath ennamko me paththatath...
Jayama wewa !!!
ෂා!! නංගෝ හත වසරට ඔය හපන්කම වැඩිත් එක්ක. සුබ පැතුම්!!
අනික් අය අඩුපාඩු කියපුව , ඔයා නිවැරදි කරගන්න.
එහෙම වුනොත් ඉදිරියට ඔයාට මීට වඩා හොද ප්‍රතිචාර තියේවි.
ඉතින්, සුබ අනාගතයක් නංගිට...
ඉඩ ලැබුනු හැමනිතරම මේ පැත්තට එන්නම්!!
ජය වේවා!!
හොඳ ලිපියක් දුවේ සුබ අනාගතයක්..
ෙගාඩාක් ස්තූතියි.හැමදාම අැවිත් යන්න.
ෙගාඩාක් ස්තූතියි.හැමදාම අැවිත් යන්න.
godak stoothiy hemadama enna
Mmmmmmmm...
Lassana, harawath lipi walin pirila:) waradi adpadu hadagena Idiriyatama yanna. Mage dooth oyage wayasemai:)
Ithin lassana ,nawa wasarakata Magen suba pathum...
ඔන්න දුවේ මමත් මේ පැත්තට ආවා...,
හදිසි වෙන්නේ නැතිව නිසංසලේ ලියන්න පුරුදුවෙන්න.
ඔබට ජය !
මමත් ආවේ අද..
කාලේ මෙහෙම ලිපි ලියන එක හොඳයි..
පුළුවන් තරම් ලියන්න.. අපි එන්නම් බලන්න.
ජය වේවා.
thanks aunty
thanks
thanks
කාලෝචිතයි..උචිතයි..වටිනාකමින් යුක්තයි...කවුරු හරි නැහැ කියවාද? මොකද කියන්නේ නැද්ද?
දැන් අපි නෑ කිව්වොත් ඔයා මොනාද කියන්නේ. :D
කුච් නහී...කුච් නහී කියන්නේ මොකක්ද කියලා අහන්න එපා..
Post a Comment