Friday, December 21, 2012

රවි ශංකර්





දේශපාලඥයෙක් රටකට කරනු ලබන සේවයට වඩා උතුම් වුද ආනන්ද ජනක වුද සේවයක් සංගීතඥයා මුළු මිනිස් පරපුර විෂයෙහි ඉටු කරයි.සංගීතයෙහි පරිණත බව ලබන සංගීතඥයා ලෝකයා වෙනුවෙන් කරනු ලබන සංගෟතය කවුරුත් පොදුවේ රස විඳිති.
මේ උතුම් වූ සංගීතයෙන් මිනිස් හදවත් නලිවන ලෝක පූජිත සංගීතඥයෙකු  වූ රවිශංකර් දැන් යළිත් අප රටට පැමිණ සිටී.
සිතාරයේ තත් පිරිමැද ඔහු අපේ හදවත් හා කතා කරයි.අවුරුදු ගණනක් කතා බහෙන් ලද ඇසුරට වඩා සමීප ඇසුරක් අණඩිත් රවිශංකර් සමඟ සංගීත ලෝලයන් ගේ ඇත.ඒ ඔහු තම නිර්මාණ මඟින් වසර ගණනක් තිස්සේ අපේ සවන් සමඟ කතා කිරීම නිසාය.
1920 අප්‍රේල් 07 දා බෙනාරිස් හි උපත ලද රවිශංකර් ඉන්දියාවේ ශ්‍රේෂ්ටතම සංගීතඥයඥකු වූ  ඔස්තාද් අල්ව්දින් ඛාන්ගෙන් මූලික සංගීතය හැදෑරුවේය.දැඩි අධිෂ්ටානයක ආත්ම විශ්වාසය ඊට කැපවීම නොතිබෙන්නට ඔහුගේ සංගීත ගුරුවරයාගෙන් සංගීතය ඉගෙනීම ලේසි පහසු වැඩක් නොවිණ.
ඔහු දවසකට පැය 12 කට වැඩි කාලයක් සිතාරය වෙනුවෙන් ගත කළේය එම ශ්‍රමය අද ලෝකයේ විශිෂ්ටතම සංගීතඥයෙකු බවට ඔහු ඔසවා තිබේ.
භාරතයේ අති විශේෂ සංගීතඥයෙකු ලෙස තැපී පෙණුනු රවිශංකර් තවත් ජාත්‍යන්තර කීර්තියට පත් වයලින් වාදකයකු වූ යහුඩි මෙන්හුන් ,ඈන් සර්චට්,කැසල්ස් ඔසිස්ට්රාත් වැනි සංගීතඥන් සමඟ ඒ ජාතීන්ගේ සංවත්සර දිනය වෙනුවෙන් සමූහ වාදන ඉදිරිපත් කළේය.
ඔහු 1958 පැරීසියේ පැවැත්වු යුනෙස්කෝ ජාත්‍යන්තරසංගීත සම්මේලනයේදී  සිතාරය වාදනය කළේය.ද ප්ලූට් ඇන් ුඇරෝ, දචෙයාස් ටේල් වැනි බටහිර චිත්‍රපටවල පසුබිම් සංගීතය සැපයීමේ ගෞරවයද රවිශංකර්ට හිමිවිය.භාරතය ඔහු හඳුන්වන්නේ අලුත් මිනිසෙකු ලෙසය.භාරතයේ ඇති පැරණි සම්ප්‍රදායානුකූල සංගීතයෙහි පදනම හා ශිල්ප ක්‍රම ආරක්ෂා කරගෙන සංගීත ක්ෂේස්ත්‍රෙයහි නව නිර්මාණ ගෙනෙන සංගීත විශාරදයා ඔහුය. නේරු සෙයා ගත් නව ඉන්දියාව නැමැති මුද්‍රා නාට්‍යයට රවිශංකර් සැපයූ සංගීතයෙන් එය ඉන්දියාව තුරා බෙහෙවින් ජනප්‍රිය විය.
ජනාධිගති සම්මාන දිනූ පාතර් පාංචලී, අපූර් සංසාර් ,කබුලිවාලා ,අනුරාධා වැනි චිත්‍රපට වලට සංගීතය සැපයූවේ රවිශංකර්ය.කැනඩාවේ 1967 දි පැවැත්වූ එක්ස්පෝ 1967 ප්‍රදර්ශනය ඇක්ස්පෝ සම්මේලනය වැනි ප්‍රදර්ශන වල ඔහු තම සිතාරය ජීවමාන කළේය.
1949සිට අවුරුදු 7ක් ඔහු ඉන්දියානු ගුවන් විදුලි සේවයේ  නිත්‍ය සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය. ඉන්දියානු සංගීතය සමස්තලෝක ජනතාව අතර ජනප්‍රිය කරවීමේ කාර්ය්‍යෙයහි ප්‍රධාන තැන ගෙන කටයුතු කළේ රවිශංකර්ය. එම නිසා අද මුළු ලොව පුරා පෙරදිග සංගීතයත් පෙරදිග සංගීත භාණ්ඩත් බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබේ.
නිව්යෝත් නගර පාසැලේ කථිකාචාර්ය වරයෙකු ලෙස කටයුතු කළ රවිශංකර් වෙත 1968 දී කැලපෝනියා විශ්ව විද්‍යාලය මඟින්  ලලිත කලා පිළිබඳ ආචාර්ය්‍ය උපාධිය පිරිනැමුනේය.ඉන්දියානු ජනාදිපති රයා විසින් හින්දුස්ථානී වාදක භාණඩ සංගීත අංශය වෙනුවෙන් පිරිනැමූ සම්මානයද සංගීත් නාටක් විද්‍යා පීටයේ සංගීතත්වයද ඉන්දියානු රජය පිරිනැමු පද්ම භූෂණ ජනාධිපති සම්මානයද රවිශංකර් දිනාගෙන තිබේ.
භාරත සංගීතයේ කර්ණාටික් රාග කිහිපයක් හඳුන්වාදුන් කර්වානි ,ජනසමෝදිනී,චාරුකේසි වාචස්පති වැනි රාග නිර්මාණය කළේය.පංචමී සිගාරා  රාගය ,තිලක්ශ්‍යාම්,බයිරාහි,නාද භෛරවී ,මෝහන වැනි රාග නිර්මාණය කළ රවිශංකර් මෑතදී කිර්මාණය කළ අලුත්ම රාග අතර ගනේෂ්වරී පරමේෂ්වරී වැනි රාගද වෙති.
බටහිර ජදස් සංගීතය හා පොප් මියුසික් නමින් හඳුන්වන සංගීතයට ප්‍රිය කරන අය බටහිර ශාස්ත්‍රීය සංගීතය අගය නොකළත් රවිශංකර්ගේ සංගිතය  අසා පිස්සු වැටි සිටිති.ලෝක ප්‍රකට බීට්ල්ස් සංගීත කණ්ඩායම රවිශංකර් යටතේ සිතාරය හැදෑරීමට ඉන්දියාවට පැමිණීමත් සමඟම රවි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වූවා පමණක් නොව නොයෙක් රටවලින් ආරාධනා ලැබ එම රටවල ගුවන්විදුලිය හා රූපවාහිනී මඟින් වාසන ඉදිරිපත් කිරීමට ඔහුට සිදුවිය.
හිපින් වැනි හරයක් නැති මිනිස් කණ්ඩායම් මෙන්ම පැද්දෙන පෙරළෙන නැටුම් වලට හුරු සංගීතය ප්‍රිය ක්්‍රන නූතන තරුණ පෙළ පවා රවිශංකර්ගේ සංගීතයට අවනත වෙති.ඔහු මෙලොවින් සමුගත්තේ 2012දෙසැම්බර්11වනදිනයි.

රබීන්ද්‍රනාත් තාගෝර්


1861 මැයි මස උත්පත්තිය ලැබූ මෙතුමා ගේ පියා මහා සෘෂි දේවෙන්ද්‍රෙනාත් තාගෝර් නම් විය.මව ශර්දා දේවි නම් වූවාය. මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමා භාරතයේ වංග දේශයේ විසූ කවියෙකි.සාහිත්‍යවරයෙකි.දේශ ප්‍රේමියෙකි. සංගීතඥයෙකි.චිත්‍ර කලාකරුවෙකි.මහා චින්තකයෙකි.” ජන ගන මන අධිනායක ජයහේ”යන ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘවරයාය.ඔහු විසින් ඇති කරන ලද ගීත සම්ප්‍රදායන් භාරතයේ පමණක් නොව වෙනත් රටවලද ජනප්‍රියව පවතී.ඒ වංග සංගීතයයි.නැතහොත් රවීන්ද්‍ර සංගීතයයි. එතුමාගේ ජීවිතයේ ප්‍රාණ වායුව සෞන්දර්ය විය.බෙංගාලයේ බොල්පුර්ශි කුඩා ළමුන් සඳහා එතුමා පටන් ගත් පාසැල පසු කලෙක විශ්ව විද්‍යාලයක් බවට පත්විය.එය සාමාන්‍ය වයවහාරයේ “ශාන්ති නිකේතනය”යනුවෙන් හඳන්වන විශ්ව භාතී විශ්ව විද්‍යාලයයි.එය ලලිත කලාවන්ට කේෂම භූමියක් හැටියට ලෝකයේම ප්‍රසිද්ධය.ලෝ පුරා රසිකයිව්ට සොබා සුන්දරත්වයේ මිහිරියාව ලබමින් කලා හැදෑරීමට මෙම විශ්ව විද්‍යාලය තෝ තැන්නකි. එතුමා අතින් ලියැවුණු පද්‍ය සංග්‍රහ අතර මානසී,චිත්‍රා,ගීතාංජලී විශේෂ තැනක් ගනී.මෙයින් ගීතාංජලී කෘතිය ලිවීම නිසා සාහීත්‍යයට පිරිනැමෙන නෝබෙල් නැමැති ලෝක ප්‍රකට ත්‍යාගය 1919 දී එතුමාට හිමිවිය.ගෝරා එතුමා විසින් ලියැවුණු යෝධ නව කතාවකි.වංග හෙවත් බෙංගාල වේදිකාවට ගීත නාට්‍ය හඳුන්වා දීමේ ගෞරවයද මෙතුමාට හිමිවේ.තාගෝර්තුමා 1935 දී හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ උත්සවයක් සඳහා ලංකාවටද පැමිණ ඇත.මුහුණ පුරා වැඩුණු දිගු රැවුලක්ද දිගු කෙස් කලබක්ද උප ශාන්ත පෙනුමක්ද මේ මහා කලා කරුවා සතුවිය.1861 උපන් මෙතුමා දිවංග වූයේ 1941 අගෝස්තු මාසයේදීය.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Yasiru Udana Ransara -