මද්දුම බණ්ඩාරට අයියා කෙනෙකුත් නංගී
කෙනෙකුත් හිටියා.තාත්තා ඇහැළේපොළ නිළමේ හා අම්මා ඇහැලේ පොළ කුමාරිහාමිය.
එක දවසක් ඔවුන්ට රජ මාළිගාවට කතා කරලා
තිබුණා.මද්දුම බණ්ඩාර ටිකක් හිතුවා.අද කිසිම කෙනෙක් අප සමඟ හිනාවෙන්නේ නෑ.ඔහුට
ඇහුණා ඔහුගේ තාත්තා ගැන මිනිසුන් කතා කරනවා.හැම කෙනාම ඔවුන්ගේ මුහුණු දිහා බලාගෙන
සිටියා.
ඔහු වටපිට බැලුවා .ඔහුගේ මව කඳුළු හංගමින්
හැඬුවා.මද්දුම බණ්ඩාර දැක්කා ඔහුගේ මව දෙපාරක්ම කඳුළු පිසදමනවා.ඔහුගේ අයියා බයවෙලා
සිටියා.ඔහුගේ ඇස් කඳුළු වලින් පිරිලා.ඔහුගේ තොල් වෙව්ලනවා.
හදිසියේම ඔහුට ඇසුණා ඔහුගේ තාත්තාගේ නම.රජු
ඔහු ගැන කතා කරා.ඔහුගේ පියා මෙකක්දෝ වැරද්දක් කර ඇත.ඔහු රටට ද්‍රෝහියෙකි.එහෙම
වන්නේ කෙසේද?. මද්දුම බණ්ඩාර ඔහුගේ පියා ගැන හොඳට දන්නවා.ඔහු හොඳ මනුෂ්‍යයකි.ඔහු
තාත්තාට ආදරේ වගේම තාත්තත් ඔහුට ගොඩාක් ආදරෙයි.ඒ නිසා මොනවද ඔහු කළේ.
මද්දුම බණ්ඩාර හිතුවා.මම මගේ තාත්තා
වෙනුවෙන් මැරෙනවා මම මගේ පවුල වෙනුවෙන් මැරෙනවා. මම මගේ රට වෙනුවෙන් මැරෙනවා.ඔහු කවදාවත්
දැකලා නෑ කවුරුවත් මැරෙනවා.ඔහු දැකලා ඇත්තේ කුරුල්ලෙක් මැරෙනවා පමණයි.එයත් ඔහු
දැක්කේ කුරුල්ලා නිදාගෙන ඉන්නවා වගෙයි.
මද්දුම බණ්ඩාර දැක්කා ඔහුගේ අයියා අම්මාගේ
සාරි පොටේ එල්ලීගෙන සිටියා.හැම කෙනාම ඔවුන් දිහා බලාගෙන සිටියා. මද්දුම බණ්ඩාර
මෙහෙම කියුවා.අයියණ්ඩිය බිය නොවන්න මැරෙනා සැටි මම පෙන්වන්නම්.
හැම කෙනාම නිශ්ශබ්ද වුණා.මිනිසෙක් රජු දෙස
බැලුවා.අනෙක් අයත් රජු දිහා බැලුවා.ඔහුව මරන්න.ඔහු ගේ තාත්තාගේ ද්‍රෝහිකමට.කියා රජු
කීවා. නෑ ඔහුව නොවේ මාව මරන්නැ යි මද්දුම බණ්ඩාර කීවා.
වදකයා පිහිය උස්සා ඔහුගේ හිස කඳින් වෙන්
කලාය.එදා එසේ වුවත් තවමත් මිනිසුන්ගේ හිත් තුළ මද්දුම බණ්ඩාර සිටියි. මද්දුම බණ්ඩාර
කුඩා වීරයෙකි.ඔහුගේ නම සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවී ඇත.