Wednesday, March 27, 2013

දුටු ගැමුණු රජතුමා



ශ්‍රී ලංකාව එක් සෙසත් කළ රජවරුන් අතර මොහුට විශේෂ තැනක් හිමිවේ.දුටුගැමුණු රජතුමාගේ පියා මාගම රජකළ කාවන්තිස්ස රජතුමාය . මව විහාර මහා දේවියයි.සහෝදරයා වූයේ සද්ධාතිස්ස කුමරුය.

බුදු දහම ගෙනඑන විට රජකම් කළ දේවානම්  පියතිස්ස රජතුමාගෙන් පසුව රජ කළ උත්තිය , සූරතිස්ස , අසේල යන කුමාරවරුන්ය.අසේල රජතමාගේ කාලයෙහි එළාර නම් සොළී රජෙක් ලක්දිව ආක්‍රමණය කොට අනුරාධපුරයේ රජවිය.

එළාර රජු උතුරු ප්‍රදේශය පාලනය කරන විට මාගම රජ කළේ කාවන්තිස්ස රජතුමාය.ඔහුගේ පුත් ගැමුණු කුමරුට උතුරු ප්‍රදේශය සොළී පාලණය මුදාගැනීමේ දැඩි අධිෂ්ඨානයක් කුඩා කාලයේ සිටම ඇතිවිය.දිවයින එක්සෙසත් කිරීමට දුටුගැමුණු කුමරුට ඉමහත් ශක්තියක් ලැබුණේ තම ලියා වූ කාවන්තිස්ස රජුගෙනි.තම පාලන ප්‍රදේශය වූ රෝහණ රාජ්‍යය ආරක්ෂා කිරීමට ගැමුණු කුමරුට ශක්තියක් විය.


සමකාලීන රෝහණ රාජ්‍යෙය් දේශපාලන පසුබිම
   දේවානම් පියතිස්ස රජුගෙන් පසු අනුරාධපුරයේ රාජ්‍ය බලය ලැබිය යුතුව තිබුණේ ඔහුගේ සොහොයුරු මහානාග කුමරුටය.රජුගේ දේවියගේ පුත්‍රයාට රජකම පවරා දීමට මහානාග කුමරුව මැරීමට තැත් කළේය.ඇය එක් දිනක් අඹ ගෙඩියට විෂ දමා කූඩයේ උඩින්ම තබා වැවක් ඉදි කිරීමේ කාර්යයේ නිරතව සිටින මහානාග කුමරු වෙත යැව්වාය.එහෙත් විෂ අඹ ගෙඩිය කෑවේ දේවියගේ පුත්‍රයාය.ඔහු මරණයට පත්විය.මෙයින් බියට පත් මහානාග කුමරු රුහුණට පැන ගියේය.එසේ යන අතරමග ඔහුගේ දේවිය පුතෙකු බිහි කළේය.යටාලෙදී බිහිකළ නිසා යටාලතිස්ස නම්විය.මහානාග කුමාරයා අගනුවර මාගම කොටගෙන අලුත් රාජ්‍යයක් බිහි කළේය.ඔහුගේ ඇවෑමෙන් යටාලතිස්ස ද අනතුරුව ඔහුගේ පුත් ගෝඨාභයද,ඔහුගේ පුත් කාවන්තිස්සද පිළිවෙළින් මාගම රජවිය.මේ අවධියේදී අනුරාධපුරය පාලනය කළේ එළාර රජුය.

    රෝහණ දේශය වශයෙන් හැඳින්වෙන ප්‍රදේශය සුළු රාජධානී කහිපයක් සමන්විත විය.මාගම රාජ්‍යය, කැළණි රාජ්‍යය, ගිරි රාජ්‍යය, සේරු රාජ්‍යය, හා සෝම රාජ්‍යය ඒ අතර ප්‍රධාන විය.දුටුගැමුණු රජුගේ පියා වන කාවන්තිස්ස රජු මාගම පාලකයා වූ අතර එය බලවත්ම රාජ්‍යය විය.

  කාවන්තිස්ස රජුගේ බලාපොරොත්තුව වූයේ මුළු ලක්දිවම එක්සේසත් කිරීමයි.එහි පළමු පියවර වශයෙන් ඔහුට අවශ්‍ය වූයේ රුහුණු ප්‍රදේශය එක්සේසත් කිරීමයි.ඒ සඳහා ඔහු උපක්‍රම කිහිපයක් අනුගමනය කළේය.

    එතුමන් විසින් කැළණිතිස්ස රජුගේ දුව වූ විහාර මහා දේවිය විවාහ කරගැනීම රෝහණ රාජ්‍යය එක්සේසත් කිරීමේ ප්‍රථම පියර ලෙස සැලකිය හැකිය.එමඟින් මාගම සහ කැළණි රාජ්‍ය දෙක අතරද සම්බන්ධතාවයක් ඇතිවිය.

කැළණි තිස්ස රජුගේ කාලයේදී මුහුද ගොඩගැලිමක් සිදුවිය.විශාල ප්‍රදේශයක් යටවී ඇත. මෙය සිදුවී ඇත්තේ දේව ශාපයක් නිසා බව පිළිගැනේ. ඊට පිළියමක් වශයෙන් ස්ත්‍රියක් මුහුදට බිලිවිය යුතු බව දෛවඥයන් විසින් දන්වා ඇත.ඒ අනුව රජුගේ දියනිය වූ දේවී එයට කැමති විය.ඒ අනුව ඇය රන් යාත්‍රාවක නැග කිරින්දේ දී ගොඩබැස ඇත.එදවස මාගම පාලකයා වූ කාවන්තිස්ස රජු ඇය යාත්‍රාවෙන් බස්සාගෙන තොරතුරු අසා ඇය සරණ පාවා ගත්තාය.මේ දෙදෙනාට පුතුන් දෙදෙනෙක් විය.ඔවුන් ගැමුණු හා තිස්සයි.

හෙට හමුවෙමු.



Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Yasiru Udana Ransara -