Saturday, July 27, 2013

නිෂ්ෂංක මල්ල රජතුමා

    රාජ්‍ය කාලය (ක්‍රි.ව.1187-1196)

**පරාක්‍රමබාහු රජුගෙන් පසු රජකමට පත්වූයේ නිෂ්ෂංකමල්ල රජතුමාය.කෙසේ නමුත් ඔහු කාලිංග වංශයට අයත් වූවෙකි.එහු අලුත් රාජ වංශයක ආරම්බකයා විය.ඔහුගේ මව පාර්වතී දේවිය වන අතර පියා ශ්‍රී ජය ගෝප මහ රජුය.**

සිදු වූ සේවය

ඔහු ශ්‍රී ලංකාවේ සෙල්ලිපි විශාල ප්‍රමාණයක් පිහිටා ඇත.ඔහුට බියක් ඇති වූයේ ඔහු කාලිංග වංශිකයෙකු නිසාය.එම නිසා ඔහු සෑම විටම පැවසුවේ  “රජකමට සුදුසු වන්නේ බෞද්ධයෙකුට පමණක් බවයි.ඔහු පිහිටුවා ගත් සෙල්ලිපි වලින් ගල්පොත සෙල්ලිපිය  විශේෂ තැනක් ගැනේ.පොතපතේ සඳහන් වන්නේ පාණ්ඪ්‍ය දේශයත් සමඟ කළ යුද්ධයදී සිංහල සේනාව ජය ගත්තේය.එය සිහි කිරීමට රාමේශ්වරම්හි කෝවිලක් ඉදි කර ඇත.

මොහු සෑදූ නිස්සංක ලතා මණ්ඩපය අදටත් අපට දැක ගත හැකිය.එය නෙළුම් දණ්ඩක හැඩය ඇති ස්තම්ම හතකින් සාදා ඇත.

ඔහුගේ පාලන කාලය තුළ විදේශිය ආක්‍රමන කිසිවක් සිදුවි නැති බැවින් ජනතාවට ශුභ සිද්ධි සඳහා බොහෝ දේ කර ඇත.
ඉතිරිය පසුව                                               

Saturday, April 13, 2013

අලුත් අවුරුද්ද

කොහාගේ නාදය සෑම තැනකම පැතිරෙන,එරබදු මල් පිපීම,වැනි දර්ශන ඇති මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.සිතක පතන සෑම දේමසාර්තක වේවා යැයි මා පතමි.

Wednesday, March 27, 2013

දුටු ගැමුණු රජතුමා



ශ්‍රී ලංකාව එක් සෙසත් කළ රජවරුන් අතර මොහුට විශේෂ තැනක් හිමිවේ.දුටුගැමුණු රජතුමාගේ පියා මාගම රජකළ කාවන්තිස්ස රජතුමාය . මව විහාර මහා දේවියයි.සහෝදරයා වූයේ සද්ධාතිස්ස කුමරුය.

බුදු දහම ගෙනඑන විට රජකම් කළ දේවානම්  පියතිස්ස රජතුමාගෙන් පසුව රජ කළ උත්තිය , සූරතිස්ස , අසේල යන කුමාරවරුන්ය.අසේල රජතමාගේ කාලයෙහි එළාර නම් සොළී රජෙක් ලක්දිව ආක්‍රමණය කොට අනුරාධපුරයේ රජවිය.

එළාර රජු උතුරු ප්‍රදේශය පාලනය කරන විට මාගම රජ කළේ කාවන්තිස්ස රජතුමාය.ඔහුගේ පුත් ගැමුණු කුමරුට උතුරු ප්‍රදේශය සොළී පාලණය මුදාගැනීමේ දැඩි අධිෂ්ඨානයක් කුඩා කාලයේ සිටම ඇතිවිය.දිවයින එක්සෙසත් කිරීමට දුටුගැමුණු කුමරුට ඉමහත් ශක්තියක් ලැබුණේ තම ලියා වූ කාවන්තිස්ස රජුගෙනි.තම පාලන ප්‍රදේශය වූ රෝහණ රාජ්‍යය ආරක්ෂා කිරීමට ගැමුණු කුමරුට ශක්තියක් විය.


සමකාලීන රෝහණ රාජ්‍යෙය් දේශපාලන පසුබිම
   දේවානම් පියතිස්ස රජුගෙන් පසු අනුරාධපුරයේ රාජ්‍ය බලය ලැබිය යුතුව තිබුණේ ඔහුගේ සොහොයුරු මහානාග කුමරුටය.රජුගේ දේවියගේ පුත්‍රයාට රජකම පවරා දීමට මහානාග කුමරුව මැරීමට තැත් කළේය.ඇය එක් දිනක් අඹ ගෙඩියට විෂ දමා කූඩයේ උඩින්ම තබා වැවක් ඉදි කිරීමේ කාර්යයේ නිරතව සිටින මහානාග කුමරු වෙත යැව්වාය.එහෙත් විෂ අඹ ගෙඩිය කෑවේ දේවියගේ පුත්‍රයාය.ඔහු මරණයට පත්විය.මෙයින් බියට පත් මහානාග කුමරු රුහුණට පැන ගියේය.එසේ යන අතරමග ඔහුගේ දේවිය පුතෙකු බිහි කළේය.යටාලෙදී බිහිකළ නිසා යටාලතිස්ස නම්විය.මහානාග කුමාරයා අගනුවර මාගම කොටගෙන අලුත් රාජ්‍යයක් බිහි කළේය.ඔහුගේ ඇවෑමෙන් යටාලතිස්ස ද අනතුරුව ඔහුගේ පුත් ගෝඨාභයද,ඔහුගේ පුත් කාවන්තිස්සද පිළිවෙළින් මාගම රජවිය.මේ අවධියේදී අනුරාධපුරය පාලනය කළේ එළාර රජුය.

    රෝහණ දේශය වශයෙන් හැඳින්වෙන ප්‍රදේශය සුළු රාජධානී කහිපයක් සමන්විත විය.මාගම රාජ්‍යය, කැළණි රාජ්‍යය, ගිරි රාජ්‍යය, සේරු රාජ්‍යය, හා සෝම රාජ්‍යය ඒ අතර ප්‍රධාන විය.දුටුගැමුණු රජුගේ පියා වන කාවන්තිස්ස රජු මාගම පාලකයා වූ අතර එය බලවත්ම රාජ්‍යය විය.

  කාවන්තිස්ස රජුගේ බලාපොරොත්තුව වූයේ මුළු ලක්දිවම එක්සේසත් කිරීමයි.එහි පළමු පියවර වශයෙන් ඔහුට අවශ්‍ය වූයේ රුහුණු ප්‍රදේශය එක්සේසත් කිරීමයි.ඒ සඳහා ඔහු උපක්‍රම කිහිපයක් අනුගමනය කළේය.

    එතුමන් විසින් කැළණිතිස්ස රජුගේ දුව වූ විහාර මහා දේවිය විවාහ කරගැනීම රෝහණ රාජ්‍යය එක්සේසත් කිරීමේ ප්‍රථම පියර ලෙස සැලකිය හැකිය.එමඟින් මාගම සහ කැළණි රාජ්‍ය දෙක අතරද සම්බන්ධතාවයක් ඇතිවිය.

කැළණි තිස්ස රජුගේ කාලයේදී මුහුද ගොඩගැලිමක් සිදුවිය.විශාල ප්‍රදේශයක් යටවී ඇත. මෙය සිදුවී ඇත්තේ දේව ශාපයක් නිසා බව පිළිගැනේ. ඊට පිළියමක් වශයෙන් ස්ත්‍රියක් මුහුදට බිලිවිය යුතු බව දෛවඥයන් විසින් දන්වා ඇත.ඒ අනුව රජුගේ දියනිය වූ දේවී එයට කැමති විය.ඒ අනුව ඇය රන් යාත්‍රාවක නැග කිරින්දේ දී ගොඩබැස ඇත.එදවස මාගම පාලකයා වූ කාවන්තිස්ස රජු ඇය යාත්‍රාවෙන් බස්සාගෙන තොරතුරු අසා ඇය සරණ පාවා ගත්තාය.මේ දෙදෙනාට පුතුන් දෙදෙනෙක් විය.ඔවුන් ගැමුණු හා තිස්සයි.

හෙට හමුවෙමු.



Saturday, February 9, 2013

මද්දුම බණ්ඩාර




මද්දුම බණ්ඩාරට අයියා කෙනෙකුත් නංගී කෙනෙකුත් හිටියා.තාත්තා ඇහැළේපොළ නිළමේ හා අම්මා ඇහැලේ පොළ කුමාරිහාමිය.

එක දවසක් ඔවුන්ට රජ මාළිගාවට කතා කරලා තිබුණා.මද්දුම බණ්ඩාර ටිකක් හිතුවා.අද කිසිම කෙනෙක් අප සමඟ හිනාවෙන්නේ නෑ.ඔහුට ඇහුණා ඔහුගේ තාත්තා ගැන මිනිසුන් කතා කරනවා.හැම කෙනාම ඔවුන්ගේ මුහුණු දිහා බලාගෙන සිටියා.

ඔහු වටපිට බැලුවා .ඔහුගේ මව කඳුළු හංගමින් හැඬුවා.මද්දුම බණ්ඩාර දැක්කා ඔහුගේ මව දෙපාරක්ම කඳුළු පිසදමනවා.ඔහුගේ අයියා බයවෙලා සිටියා.ඔහුගේ ඇස් කඳුළු වලින් පිරිලා.ඔහුගේ තොල් වෙව්ලනවා.

හදිසියේම ඔහුට ඇසුණා ඔහුගේ තාත්තාගේ නම.රජු ඔහු ගැන කතා කරා.ඔහුගේ පියා මෙකක්දෝ වැරද්දක් කර ඇත.ඔහු රටට ද්‍රෝහියෙකි.එහෙම වන්නේ කෙසේද?. මද්දුම බණ්ඩාර ඔහුගේ පියා ගැන හොඳට දන්නවා.ඔහු හොඳ මනුෂ්‍යයකි.ඔහු තාත්තාට ආදරේ වගේම තාත්තත් ඔහුට ගොඩාක් ආදරෙයි.ඒ නිසා මොනවද ඔහු කළේ.

මද්දුම බණ්ඩාර හිතුවා.මම මගේ තාත්තා වෙනුවෙන් මැරෙනවා මම මගේ පවුල වෙනුවෙන් මැරෙනවා. මම මගේ රට වෙනුවෙන් මැරෙනවා.ඔහු කවදාවත් දැකලා නෑ කවුරුවත් මැරෙනවා.ඔහු දැකලා ඇත්තේ කුරුල්ලෙක් මැරෙනවා පමණයි.එයත් ඔහු දැක්කේ කුරුල්ලා  නිදාගෙන ඉන්නවා වගෙයි.

මද්දුම බණ්ඩාර දැක්කා ඔහුගේ අයියා අම්මාගේ සාරි පොටේ එල්ලීගෙන සිටියා.හැම කෙනාම ඔවුන් දිහා බලාගෙන සිටියා. මද්දුම බණ්ඩාර මෙහෙම කියුවා.අයියණ්ඩිය බිය නොවන්න මැරෙනා සැටි මම පෙන්වන්නම්.

හැම කෙනාම නිශ්ශබ්ද වුණා.මිනිසෙක් රජු දෙස බැලුවා.අනෙක් අයත් රජු දිහා බැලුවා.ඔහුව මරන්න.ඔහු ගේ තාත්තාගේ ද්‍රෝහිකමට.කියා රජු කීවා. නෑ ඔහුව නොවේ මාව මරන්නැ යි මද්දුම බණ්ඩාර කීවා.

වදකයා පිහිය උස්සා ඔහුගේ හිස කඳින් වෙන් කලාය.එදා එසේ වුවත් තවමත් මිනිසුන්ගේ හිත් තුළ මද්දුම බණ්ඩාර සිටියි. මද්දුම බණ්ඩාර කුඩා වීරයෙකි.ඔහුගේ නම සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවී ඇත.


Wednesday, February 6, 2013

එස් .මහින්ද හිමි



කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ -උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ                                                                                                                                                                                                      හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ -ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද මිනිසුන්නේ                                                                                                                             

මෙම කවිය කියවන විට බාල මහලු ඕනෑම කෙනෙකුට සිංහල ජාතිය වෙනුවෙන් මහත් සෙවාවක් කළ එස් .මහින්ද හිමි සිහිවේ.

ක්‍රි.ව.1901 දී ටිබෙට් රටේ සිඛිම් ‍ප්‍රදේශයේ මහින්ද හිමි උපත ලැබුවේය.ටසිලිම්ගල් යනු මහින්ද හිමිගේ පෙළබත් නාමයයි.වයස අවුරුදු11 දී පමණ ලංකාවට පැමිණි ටසිලිම්ගල් දරුවා ලංකාවට පැරණි ශ්‍රී විභූතියෙන් වශිකෘත විය.

1914 දී මෙම රටට පැමිණි උන් වහන්සේ රත්ගම සිරිවුල සුමන හිමියන්ගේ ගොලයෙක් වියතඋන් වහන්සේ සිඛිම් මහින්ද නමින් අමරපුර නිකායෙහි පැවිද්ද ලබාගෙන ඇත්තේ දොඩන්දූවේ ශෛල බිම්බාරාමයෙහිදීය. 

මහින්ද හිමියන්ගේ සේවයෙහි වටිනාකම වඩාත් වැඩිවන්නේ උන් වහන්සේ විදේශියකයකු වශයෙන් මෙරටට පැමිණ ශ්‍රී ලංකාවත් ,ශ්‍රී ලාංකිකයනුත් කෙරෙහි මහත් ආදරයකින් කටයුතු කළ හෙයිනි.අරගැති අධිරාජ්‍ය වාදී සංකල්ප අත්හැර සවාධිනව සිංහල මනසකින් හිතන්නට කටයුතු කරන්නට අන් වහන්සේ මෙරට ජනතාවට ඉගැන් වූහ.

මහින්ද හිමි විසින් කෘති 40ක් පමණ ලියා ඇත.මහින්ද හිමියන් විසින් ලියු මුල්ම කෘතිය ලෙස සැලකෙන්නේ ඔවා මුතුදම යි කව්මිණ පහල බාලාංශය කව්මිණ ඉහළ බාලාංශය හා ළමා කවි කළඹ වශයෙන් ළමුන් සඳහාද නිදහසේ මන්ත්‍රය ලංකා මාතා යන දේශ අභිමානය දනවන කෘතිද රත්නමාලී කාව්‍ය මහාපරාක්‍රම කුමාර කාලයනමින් චරිත කතා ද උන්වහන්සේ අප රටට දායාද කර තිබේ.

 1948 පෙබරවාරි මස 4වන දින අප රටට ලබාදුන් නිදහස වෙනුවෙන් පෑන මෙහෙයවා සටන් වැදුනු මොහු අපේ ජාතික වීරයෙකි. මෙවර සැමරූ 65 වැනි නිදහස අප සියලු දෙනාට මහත් අභිමානයකි.

Saturday, January 5, 2013

පළමුවන පරාක්‍රමබාහු රජතුමා



පළමුවන විජයබාහු රජු එක්සේසත් කළ ශ්‍රී සංකාව දුර්වල පාලකයන් නිසා නැවත කොටස් වලට කැඩී ගියේය.යළි රට එක්සේසත් කොට රටට සාමය හා සමෘද්ධිය අදා කළේ පළමු වන පරාක්‍රමබාහු රජතුමාය.ඔහු දේශීය හා විදේශිය වශයෙන් පබාගත් දේශපාලන ජයග්‍රහණ ද ඔහු විස්න් ඉටු කරන ලද ආර්ථික,ආගමික  හා සංස්කෘතික සේවාවන්ද සැලකිල්ලට ගත් කළ මහායන විශේෂණයට අචිත වන බැවින් මහා පරාක්‍රමබාහු රජතුමා ලෙස හැඳින්වේ.

පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ ලමා කාළය

මව රත්නාවලී කුමරියයි.පියා මනා භරණ කුමාරයාය.ඔහු දක්ඛිණ දේශයේ පාලකයා විය.පරාක්‍රමබාහු කුමාරයා ද්කඛිණ දේශයේ කෑගස්ස දිස්ත්‍රික්කයේ දැදිගමදී උපත ලැබීය  කුමරු කුඩා කාලයේ පියා මරණයට පත්විය.රත්නාවලී බිසව සිය පුත් තුමරුවාද සමඟ රුහුණේ සිටි ශ්‍රී වල්ලභනම් ඥාති සොහොයුරාගේ රැකවරණය පතා ගියා ය.
මානාබරණ කුමාරයා මිය යාමෙන් පසු ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ කීර්ති ශ්‍රී මේඝ,දක්ඛිණ දේශයේ පාලකයා බවට පත්විය.අනතුරුව කිර්ති ශ්‍රී මේඝ සය රැකවරණයට පත්වූ පරාක්‍රමබාහු කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර උගන්වමින් ඔහු ඇති දැඩි කළේය.සිය සුළු පියා ඇසුරේ හැදී වැඩුනි පරාක්‍රම බාහු කුමාරයා ඒ කාලයේදී යුද්ධ ශිල්පය ඇතළු රාජය්‍ය පාලනය පිළිබඳ සියළු ශාස්තු ප්‍රගුණ කළේය.



Friday, December 21, 2012

රවි ශංකර්





දේශපාලඥයෙක් රටකට කරනු ලබන සේවයට වඩා උතුම් වුද ආනන්ද ජනක වුද සේවයක් සංගීතඥයා මුළු මිනිස් පරපුර විෂයෙහි ඉටු කරයි.සංගීතයෙහි පරිණත බව ලබන සංගීතඥයා ලෝකයා වෙනුවෙන් කරනු ලබන සංගෟතය කවුරුත් පොදුවේ රස විඳිති.
මේ උතුම් වූ සංගීතයෙන් මිනිස් හදවත් නලිවන ලෝක පූජිත සංගීතඥයෙකු  වූ රවිශංකර් දැන් යළිත් අප රටට පැමිණ සිටී.
සිතාරයේ තත් පිරිමැද ඔහු අපේ හදවත් හා කතා කරයි.අවුරුදු ගණනක් කතා බහෙන් ලද ඇසුරට වඩා සමීප ඇසුරක් අණඩිත් රවිශංකර් සමඟ සංගීත ලෝලයන් ගේ ඇත.ඒ ඔහු තම නිර්මාණ මඟින් වසර ගණනක් තිස්සේ අපේ සවන් සමඟ කතා කිරීම නිසාය.
1920 අප්‍රේල් 07 දා බෙනාරිස් හි උපත ලද රවිශංකර් ඉන්දියාවේ ශ්‍රේෂ්ටතම සංගීතඥයඥකු වූ  ඔස්තාද් අල්ව්දින් ඛාන්ගෙන් මූලික සංගීතය හැදෑරුවේය.දැඩි අධිෂ්ටානයක ආත්ම විශ්වාසය ඊට කැපවීම නොතිබෙන්නට ඔහුගේ සංගීත ගුරුවරයාගෙන් සංගීතය ඉගෙනීම ලේසි පහසු වැඩක් නොවිණ.
ඔහු දවසකට පැය 12 කට වැඩි කාලයක් සිතාරය වෙනුවෙන් ගත කළේය එම ශ්‍රමය අද ලෝකයේ විශිෂ්ටතම සංගීතඥයෙකු බවට ඔහු ඔසවා තිබේ.
භාරතයේ අති විශේෂ සංගීතඥයෙකු ලෙස තැපී පෙණුනු රවිශංකර් තවත් ජාත්‍යන්තර කීර්තියට පත් වයලින් වාදකයකු වූ යහුඩි මෙන්හුන් ,ඈන් සර්චට්,කැසල්ස් ඔසිස්ට්රාත් වැනි සංගීතඥන් සමඟ ඒ ජාතීන්ගේ සංවත්සර දිනය වෙනුවෙන් සමූහ වාදන ඉදිරිපත් කළේය.
ඔහු 1958 පැරීසියේ පැවැත්වු යුනෙස්කෝ ජාත්‍යන්තරසංගීත සම්මේලනයේදී  සිතාරය වාදනය කළේය.ද ප්ලූට් ඇන් ුඇරෝ, දචෙයාස් ටේල් වැනි බටහිර චිත්‍රපටවල පසුබිම් සංගීතය සැපයීමේ ගෞරවයද රවිශංකර්ට හිමිවිය.භාරතය ඔහු හඳුන්වන්නේ අලුත් මිනිසෙකු ලෙසය.භාරතයේ ඇති පැරණි සම්ප්‍රදායානුකූල සංගීතයෙහි පදනම හා ශිල්ප ක්‍රම ආරක්ෂා කරගෙන සංගීත ක්ෂේස්ත්‍රෙයහි නව නිර්මාණ ගෙනෙන සංගීත විශාරදයා ඔහුය. නේරු සෙයා ගත් නව ඉන්දියාව නැමැති මුද්‍රා නාට්‍යයට රවිශංකර් සැපයූ සංගීතයෙන් එය ඉන්දියාව තුරා බෙහෙවින් ජනප්‍රිය විය.
ජනාධිගති සම්මාන දිනූ පාතර් පාංචලී, අපූර් සංසාර් ,කබුලිවාලා ,අනුරාධා වැනි චිත්‍රපට වලට සංගීතය සැපයූවේ රවිශංකර්ය.කැනඩාවේ 1967 දි පැවැත්වූ එක්ස්පෝ 1967 ප්‍රදර්ශනය ඇක්ස්පෝ සම්මේලනය වැනි ප්‍රදර්ශන වල ඔහු තම සිතාරය ජීවමාන කළේය.
1949සිට අවුරුදු 7ක් ඔහු ඉන්දියානු ගුවන් විදුලි සේවයේ  නිත්‍ය සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය. ඉන්දියානු සංගීතය සමස්තලෝක ජනතාව අතර ජනප්‍රිය කරවීමේ කාර්ය්‍යෙයහි ප්‍රධාන තැන ගෙන කටයුතු කළේ රවිශංකර්ය. එම නිසා අද මුළු ලොව පුරා පෙරදිග සංගීතයත් පෙරදිග සංගීත භාණ්ඩත් බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබේ.
නිව්යෝත් නගර පාසැලේ කථිකාචාර්ය වරයෙකු ලෙස කටයුතු කළ රවිශංකර් වෙත 1968 දී කැලපෝනියා විශ්ව විද්‍යාලය මඟින්  ලලිත කලා පිළිබඳ ආචාර්ය්‍ය උපාධිය පිරිනැමුනේය.ඉන්දියානු ජනාදිපති රයා විසින් හින්දුස්ථානී වාදක භාණඩ සංගීත අංශය වෙනුවෙන් පිරිනැමූ සම්මානයද සංගීත් නාටක් විද්‍යා පීටයේ සංගීතත්වයද ඉන්දියානු රජය පිරිනැමු පද්ම භූෂණ ජනාධිපති සම්මානයද රවිශංකර් දිනාගෙන තිබේ.
භාරත සංගීතයේ කර්ණාටික් රාග කිහිපයක් හඳුන්වාදුන් කර්වානි ,ජනසමෝදිනී,චාරුකේසි වාචස්පති වැනි රාග නිර්මාණය කළේය.පංචමී සිගාරා  රාගය ,තිලක්ශ්‍යාම්,බයිරාහි,නාද භෛරවී ,මෝහන වැනි රාග නිර්මාණය කළ රවිශංකර් මෑතදී කිර්මාණය කළ අලුත්ම රාග අතර ගනේෂ්වරී පරමේෂ්වරී වැනි රාගද වෙති.
බටහිර ජදස් සංගීතය හා පොප් මියුසික් නමින් හඳුන්වන සංගීතයට ප්‍රිය කරන අය බටහිර ශාස්ත්‍රීය සංගීතය අගය නොකළත් රවිශංකර්ගේ සංගිතය  අසා පිස්සු වැටි සිටිති.ලෝක ප්‍රකට බීට්ල්ස් සංගීත කණ්ඩායම රවිශංකර් යටතේ සිතාරය හැදෑරීමට ඉන්දියාවට පැමිණීමත් සමඟම රවි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වූවා පමණක් නොව නොයෙක් රටවලින් ආරාධනා ලැබ එම රටවල ගුවන්විදුලිය හා රූපවාහිනී මඟින් වාසන ඉදිරිපත් කිරීමට ඔහුට සිදුවිය.
හිපින් වැනි හරයක් නැති මිනිස් කණ්ඩායම් මෙන්ම පැද්දෙන පෙරළෙන නැටුම් වලට හුරු සංගීතය ප්‍රිය ක්්‍රන නූතන තරුණ පෙළ පවා රවිශංකර්ගේ සංගීතයට අවනත වෙති.ඔහු මෙලොවින් සමුගත්තේ 2012දෙසැම්බර්11වනදිනයි.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Yasiru Udana Ransara -