Friday, December 21, 2012

රවි ශංකර්

දේශපාලඥයෙක් රටකට කරනු ලබන සේවයට වඩා උතුම් වුද ආනන්ද ජනක වුද සේවයක් සංගීතඥයා මුළු මිනිස් පරපුර විෂයෙහි ඉටු කරයි.සංගීතයෙහි පරිණත බව ලබන සංගීතඥයා ලෝකයා වෙනුවෙන් කරනු ලබන සංගෟතය කවුරුත් පොදුවේ රස විඳිති. මේ උතුම් වූ සංගීතයෙන් මිනිස් හදවත් නලිවන ලෝක පූජිත සංගීතඥයෙකු  වූ රවිශංකර් දැන් යළිත් අප රටට පැමිණ සිටී. සිතාරයේ තත් පිරිමැද ඔහු අපේ හදවත් හා කතා කරයි.අවුරුදු ගණනක් කතා බහෙන් ලද ඇසුරට වඩා සමීප ඇසුරක් අණඩිත් රවිශංකර් සමඟ සංගීත ලෝලයන් ගේ ඇත.ඒ ඔහු තම නිර්මාණ මඟින් වසර ගණනක් තිස්සේ අපේ සවන් සමඟ කතා කිරීම නිසාය. 1920 අප්‍රේල් 07 දා බෙනාරිස් හි උපත ලද රවිශංකර් ඉන්දියාවේ ශ්‍රේෂ්ටතම සංගීතඥයඥකු වූ  ඔස්තාද් අල්ව්දින් ඛාන්ගෙන් මූලික සංගීතය හැදෑරුවේය.දැඩි අධිෂ්ටානයක ආත්ම විශ්වාසය ඊට කැපවීම නොතිබෙන්නට ඔහුගේ සංගීත ගුරුවරයාගෙන් සංගීතය ඉගෙනීම...

රබීන්ද්‍රනාත් තාගෝර්

1861 මැයි මස උත්පත්තිය ලැබූ මෙතුමා ගේ පියා මහා සෘෂි දේවෙන්ද්‍රෙනාත් තාගෝර් නම් විය.මව ශර්දා දේවි නම් වූවාය. මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමා භාරතයේ වංග දේශයේ විසූ කවියෙකි.සාහිත්‍යවරයෙකි.දේශ ප්‍රේමියෙකි. සංගීතඥයෙකි.චිත්‍ර කලාකරුවෙකි.මහා චින්තකයෙකි.” ජන ගන මන අධිනායක ජයහේ”යන ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘවරයාය.ඔහු විසින් ඇති කරන ලද ගීත සම්ප්‍රදායන් භාරතයේ පමණක් නොව වෙනත් රටවලද ජනප්‍රියව පවතී.ඒ වංග සංගීතයයි.නැතහොත් රවීන්ද්‍ර සංගීතයයි. එතුමාගේ ජීවිතයේ ප්‍රාණ වායුව සෞන්දර්ය විය.බෙංගාලයේ බොල්පුර්ශි කුඩා ළමුන් සඳහා එතුමා පටන් ගත් පාසැල පසු කලෙක විශ්ව විද්‍යාලයක් බවට පත්විය.එය සාමාන්‍ය වයවහාරයේ “ශාන්ති නිකේතනය”යනුවෙන් හඳන්වන විශ්ව භාතී විශ්ව විද්‍යාලයයි.එය ලලිත කලාවන්ට කේෂම භූමියක් හැටියට ලෝකයේම ප්‍රසිද්ධය.ලෝ පුරා රසිකයිව්ට සොබා සුන්දරත්වයේ මිහිරියාව...

Page 1 of 212Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Yasiru Udana Ransara -