
පළමුවන විජයබාහු රජු එක්සේසත් කළ ශ්‍රී
සංකාව දුර්වල පාලකයන් නිසා නැවත කොටස් වලට කැඩී ගියේය.යළි රට එක්සේසත් කොට රටට
සාමය හා සමෘද්ධිය අදා කළේ පළමු වන පරාක්‍රමබාහු රජතුමාය.ඔහු දේශීය හා විදේශිය
වශයෙන් පබාගත් දේශපාලන ජයග්‍රහණ ද ඔහු විස්න් ඉටු කරන ලද ආර්ථික,ආගමික හා සංස්කෘතික සේවාවන්ද සැලකිල්ලට ගත් කළ “මහා”යන විශේෂණයට අචිත වන
බැවින් මහා පරාක්‍රමබාහු රජතුමා ලෙස හැඳින්වේ.
පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ ලමා කාළය
මව රත්නාවලී කුමරියයි.පියා මනා භරණ
කුමාරයාය.ඔහු දක්ඛිණ දේශයේ පාලකයා විය.පරාක්‍රමබාහු කුමාරයා ද්කඛිණ දේශයේ කෑගස්ස
දිස්ත්‍රික්කයේ දැදිගමදී උපත ලැබීය කුමරු කුඩා
කාලයේ පියා මරණයට පත්විය.රත්නාවලී බිසව සිය පුත් තුමරුවාද සමඟ රුහුණේ සිටි ශ්‍රී
වල්ලභනම් ඥාති සොහොයුරාගේ රැකවරණය පතා ගියා ය.
මානාබරණ කුමාරයා මිය යාමෙන් පසු ඔහුගේ
වැඩිමහල්...