
ශ්‍රී ලංකාව එක් සෙසත් කළ රජවරුන් අතර මොහුට
විශේෂ තැනක් හිමිවේ.දුටුගැමුණු රජතුමාගේ පියා මාගම රජකළ කාවන්තිස්ස රජතුමාය . මව
විහාර මහා දේවියයි.සහෝදරයා වූයේ සද්ධාතිස්ස කුමරුය.
බුදු දහම ගෙනඑන විට රජකම් කළ දේවානම් පියතිස්ස රජතුමාගෙන් පසුව රජ කළ උත්තිය , සූරතිස්ස
, අසේල යන කුමාරවරුන්ය.අසේල රජතමාගේ කාලයෙහි එළාර නම් සොළී රජෙක් ලක්දිව ආක්‍රමණය
කොට අනුරාධපුරයේ රජවිය.
එළාර රජු උතුරු ප්‍රදේශය පාලනය කරන විට මාගම
රජ කළේ කාවන්තිස්ස රජතුමාය.ඔහුගේ පුත් ගැමුණු කුමරුට උතුරු ප්‍රදේශය සොළී පාලණය
මුදාගැනීමේ දැඩි අධිෂ්ඨානයක් කුඩා කාලයේ සිටම ඇතිවිය.දිවයින එක්සෙසත් කිරීමට දුටුගැමුණු කුමරුට
ඉමහත් ශක්තියක් ලැබුණේ තම ලියා වූ කාවන්තිස්ස රජුගෙනි.තම පාලන ප්‍රදේශය වූ රෝහණ
රාජ්‍යය ආරක්ෂා කිරීමට ගැමුණු කුමරුට ශක්තියක් විය.
සමකාලීන රෝහණ රාජ්‍යෙය් දේශපාලන...