Friday, December 21, 2012

රබීන්ද්‍රනාත් තාගෝර්


1861 මැයි මස උත්පත්තිය ලැබූ මෙතුමා ගේ පියා මහා සෘෂි දේවෙන්ද්‍රෙනාත් තාගෝර් නම් විය.මව ශර්දා දේවි නම් වූවාය. මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමා භාරතයේ වංග දේශයේ විසූ කවියෙකි.සාහිත්‍යවරයෙකි.දේශ ප්‍රේමියෙකි. සංගීතඥයෙකි.චිත්‍ර කලාකරුවෙකි.මහා චින්තකයෙකි.” ජන ගන මන අධිනායක ජයහේ”යන ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘවරයාය.ඔහු විසින් ඇති කරන ලද ගීත සම්ප්‍රදායන් භාරතයේ පමණක් නොව වෙනත් රටවලද ජනප්‍රියව පවතී.ඒ වංග සංගීතයයි.නැතහොත් රවීන්ද්‍ර සංගීතයයි. එතුමාගේ ජීවිතයේ ප්‍රාණ වායුව සෞන්දර්ය විය.බෙංගාලයේ බොල්පුර්ශි කුඩා ළමුන් සඳහා එතුමා පටන් ගත් පාසැල පසු කලෙක විශ්ව විද්‍යාලයක් බවට පත්විය.එය සාමාන්‍ය වයවහාරයේ “ශාන්ති නිකේතනය”යනුවෙන් හඳන්වන විශ්ව භාතී විශ්ව විද්‍යාලයයි.එය ලලිත කලාවන්ට කේෂම භූමියක් හැටියට ලෝකයේම ප්‍රසිද්ධය.ලෝ පුරා රසිකයිව්ට සොබා සුන්දරත්වයේ මිහිරියාව ලබමින් කලා හැදෑරීමට මෙම විශ්ව විද්‍යාලය තෝ තැන්නකි. එතුමා අතින් ලියැවුණු පද්‍ය සංග්‍රහ අතර මානසී,චිත්‍රා,ගීතාංජලී විශේෂ තැනක් ගනී.මෙයින් ගීතාංජලී කෘතිය ලිවීම නිසා සාහීත්‍යයට පිරිනැමෙන නෝබෙල් නැමැති ලෝක ප්‍රකට ත්‍යාගය 1919 දී එතුමාට හිමිවිය.ගෝරා එතුමා විසින් ලියැවුණු යෝධ නව කතාවකි.වංග හෙවත් බෙංගාල වේදිකාවට ගීත නාට්‍ය හඳුන්වා දීමේ ගෞරවයද මෙතුමාට හිමිවේ.තාගෝර්තුමා 1935 දී හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ උත්සවයක් සඳහා ලංකාවටද පැමිණ ඇත.මුහුණ පුරා වැඩුණු දිගු රැවුලක්ද දිගු කෙස් කලබක්ද උප ශාන්ත පෙනුමක්ද මේ මහා කලා කරුවා සතුවිය.1861 උපන් මෙතුමා දිවංග වූයේ 1941 අගෝස්තු මාසයේදීය.

15 comments:

වීපොකුරෙ වීයා said...

පුන්චි නංගියෝ...
ටෙලිෆොන් නම්බරේ දාන එකනං සුදුසු මදි..!

ටිකක් හිතල බලල විස්තර දාන්න..!

බ්ලොග් ලියන්න අපි බලන්නම්..!

කේ.යූ.ජී. උදාර said...

වටිනා ලිපියක්......
දිගට ම මේ වැඩේ කරගෙන යන්න ඉමල්කි.
පුළුවන් නම් අකුරුවල ප්‍රමාණය තව ටිකක් ලොකු කරන්න.

Sumith Niriella said...

බොහොම සන්තෝෂයි දුවේ....ඔයාගේ උත්සාහට ඉතසිතින් සුබ පැතුම්....ජය වේවා...!!!

හොරණ ශ්‍රීපාලියට නම තැබුවේත් තාගෝරයන් බව කියැවේ.

පෝස්ට එකේ අකුරු ටිකක් ලොකු කරන්න.වර්ඩ් වැරිෆිකේෂනුත් අයින් කරනවනම් හොදයි.

Indranatha Thenuwara said...

චූටි පුතේ.
ඔයාගෙ බ්ලොග් අඩවිය හරිම ලස්සනයි. සිත් ගන්නා සුලුයි. මගේ බ්ලොග් අඩවිය එහෙම ලස්සන කර ගන්නෙ කොහොමද කියල මම දන්නෙ නෑනෙ.
දිගටම ලියන්න පුතේ. ඒ ලියන හැම එකකම ලින්ක් එකක් මට එවන්න අමතක කරන්නත් එපා.
බ්ලොග් ලොවේ දිග ගමණක් යන්නට චූටි පුතාට දිරිය ශක්තිය ලැබේවා...!!

Udana Imalki said...

ගොඩාක් ස්තූතියි මාමේ.හැමදාම ඇවිත් යන්න.

Udana Imalki said...

ගොඩාක් ස්තූතියි මාමේ. මගේ බ්ලොග් එකට හැමදාම එන්න.මම අකුරු තව ලොකු කරන්නම්.

Udana Imalki said...

ගොඩාක් ස්තූතියි . මගේ බ්ලොග් එකට හැමදාම එන්න.මම අකුරු තව ලොකු කරන්නම්.

Udana Imalki said...

ගොඩාක් ස්තූතියි අයියේ. මගේ බ්ලොග් එකට හැමදාම එන්න.

samakayawate said...

පුංචි ඔබේ අඩවියට පැමිණියේ අදමයි. ඉතා අගෙයි. දිගටම ලියන්න මගේ සුබ පැතුම්.
මම සමකය වටේ ලියන නලීන්

Udana Imalki said...

ගොඩාක් ස්තූතියි මාමේ.හැමදාම ඇවිත් යන්න

සමී said...

මම මෙයා ගැන 9 වසරෙ ඉන්නකොට හැදුව තඩි පොතක්!
ගීතාංජලිය, ශාන්ති නිකෙතනය සහ ඉන්දියාවේ ජාතික ගීය මෙතුමාගැන කතා කරනකොට සඳහන් විය යුතුම දේවල් තුන.. ඒඒ දෙ අන්තර්ගත කරපු එකට සතුටුයි

පළවෙනි පෝස්ටුවට සුභ පැතුම්! දිගු ගමනක් යන්න ප්‍රාර්තනා කරනව නංගා

Udana Imalki said...

ගොඩාක් ස්තූතියි හැමදාම ඇවිත් යන්න.

පිටස්තරයා-2 said...

දුවේ, ඔයා ලිපිය ලියල තියෙන හැටි හරිම ලස්සනයි. පොඩි වැ‍රැද්දක්වත් නෙවෙන්න කොහොමද මෙහෙම ලිව්වේ? මම ලිව්ව නම් වැරදි ගොඩයි :) දිගටම ලියන්න. අපි කියවනවා..

Shaaanu489 said...

චුටි දුවේ ගොඩාක් සතුටුයි මේ වයසේදීම සිංහල බ්ලොග් අවකාශයට එකතු වෙලා මෙතරම් වැදගත් ලිපි ලියන එක.
සුභ පැතුම් නවත්තන්න එපා දිගටම ලියන්න හොඳේ අපි එනවා හැමදාම කියවන්න.
වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් තමා හොඳ.

සුදීක said...

දුවක් ඉන්න පියෙක් හැටියට මම ගොඩාක් ආඩම්බර වෙනවා ඔයා ගැන. අපේ රටට ඔබ වැනි දූ වරුන් ගොඩාක් අවශ්‍යයි. මම හිතන්නේ ඔයා ගොඩක් කියවනවා ඇතියි කියලා. අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන බ්ලොග් එකත් හොඳින් කරගෙන යන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. සුමිත් නිරිඇල්ල මාමා තමයි මට පාර කිව්වේ.

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Yasiru Udana Ransara -